සන්නිවේදනය සමාජ ශාස්ත්‍රයක් ලෙස ආයතනගතවීම
සන්නිවේදන අධ්‍යයනය ආරම්භ වී ඇත්තේ විවිද විෂය ක්ෂේත්‍රයන් පිලිබද ප්‍රවීණත්වයට පත් විද්වතුන්ගේ හා දාර්ශනිකයින්ගේ දායකත්වයෙනි. එසේ සන්නිවේදන අධ්‍යනයෙහි අරම්භය සිදු වූ අතර ඒ සදහා ඇත්තේද කෙටි ඉතිහාසයකි නමුත් අද වන විට මෙම විෂය ලොව පුරා විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයනය කරන කාලීන සමාජීය තත්වයට සමගාමීව ගමන් කරන්නාවූ ඉතා ජනප්‍රිය අධ්‍යයන ක්ෂේත්‍රයක් බවටද පත්ව ඇති බව සදහන් කල හැකිය. මෙසේ ඉතා කෙටි කාලයක් තුල මෙම විෂය විශ්ව විද්‍යාල තුල අධ්‍යයන කටයුතු සිදු කල හැකි විෂයක් ලෙස වර්ධනය කිරීමෙහිලා පුරෝගාමී වූ විද්වතුන් සමූහයකි. ඒ අතර සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත කිරීම විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කල ශ්‍රාම් පර්යේෂකයකු ලෙසද න්‍යායවාදියකු ලෙසද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සදහන් කල හැකිය. ශ්‍රාම් විසින්ද සන්නිවේදන අධ්‍යයන අභිවර්ධනයෙහිලා දායක වූ සිව් දෙනෙක් ගැන සදහන් කර තිබේ. එනම් හැරල්ඩ් ලැස්වෙල්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කර්ට් ලෙවින් හා කාල් හවුලන්ඩ් යන සිවු දෙනාය. මොවුන් විවිධ විෂය ක්ෂේත්‍රයන් නියොජනය කරමින් අන්තර් විෂයක එලඹුමක් මත සන්නිවේදන විෂය උගන්වන්නට හා සන්නිවේදනය පිලිබද පර්යේෂණ පවත්වන්නට උත්සාහ ගන්නා ලදි. ඩැනියල් ලර්නර් ප්‍රකාශ කරන අන්දමට සන්නිවෙදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි කොතෙකුත් විශ්‍රාරදයින් සිටියද එහි පුරෝගාමීන් වන්නේ හැරල්ඩ් ලැස්වෙල්, පෝල් ලැසාස්ෆෙල්ඩ් හා විල්බර් ශ්‍රාම් යන තිදෙනාය.
විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවෙදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහිටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂක වරයාද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිලිබද මහාචාර්ය වරයකු ලෙසද ඔහු කටයුතු කල අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කල අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිලිබද මහාචාර්ය වරයා ලෙසද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සංනිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවරදී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කල අතර ඒ නමින් පොතක්ද නිකුත් කරන ලදි. එහිදී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.
- තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිලිබද අවබෝදය වර්ධනය කිරීම තුලින් ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කල හැකිය යන්න.
- අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සදහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිලිබද අවබෝදය වර්ධනය කිරීම තුලින් වඩා හොද ඵලදායිතාවක් ලබා ගත හැකි බව.
- ජන සන්නිවේදනය තුලින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුලින් පාසල් ළමුන් සේම සාමාන්‍ය ජනයාද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.
- ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පිටුබලයක් වන බව.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්ව විද්‍යාල තුල අධ්‍යයනය කිරීම මුලු ලොව පුරා විසිරී යන ලදි. 1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්ව විද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුල පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සදහා හැදෑරූ සංඛ්‍යාව 11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේදී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුල පමණක් ඇති විශ්ව විද්‍යාල මගින් එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුල ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති ව්ද්‍යායතන හා දෙපාර්ථමේන්තු ගනන අද වන විට 2000කට අධිකය.
තවද අද වන විට වෙස්ටර් , සිටි, වේල්ස්, වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්ව විද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.
යුරෝපය තුල ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු, හා කලිබියානු ආදී රටවලද විශ්ව විද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින්ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුලින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය ඒ සදහා සෘජුව බලපාන්නට ඇත.
ආසියාකරයේ රටවල් අතුරින් මුලින්ම ජන සන්නිවේදන අධ්‍යයන විෂයක් ලෙස හදුන්වා දුන් රට වන්නේ පිලිපීනයයි. ඉන් අනතුරුව ජපානය,චීනය, කොරියාව, හොංකොං, තායිලන්තය,මැලේසියාව ආදී ආසියාතික රටවල් කරාද එය ව්‍යාප්ත විය. ඉන්දියාව තුල විශ්ව විද්‍යාල රාශියක ප්‍රථම හා පශ්චාත් උපාධි මට්ටමින් මෙම විෂය හැදෑරීමට අද වන විට හැකියාව පවතී. ශ්‍රී ලංකාව තුල 1960 දශකයේ අග භාගයේදී කණිෂ්ඨ විශ්ව විද්‍යාලවල මෙම නව විෂය සදහා පාඨමාලා සකස් වූ අතර 1973 දී කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන විෂය සදහා පාඨමාලා සකස් වූ අතර අද වන විට එහි ප්‍රථම හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. එසේම කොළඹ විශ්ව විද්‍යාලය මගින්ද මේ සදහා අද දවසේ ප්‍රථම උපාධි පිරිනැමීම සිදු වෙයි.
මේ ආකාරයට මෙම නව විෂය ඇමරිකාව තුල ආරම්භ වී සියවසක් පමන ඉතා කෙටි කාල පරාසයක් තුල එය විවිධ විද්වතුන්ගේ මැදිහත්වීම් සමගින් ලොව පුරා ජනප්‍රිය විෂයක් ලෙස විශ්ව විද්‍යාල තුල අධ්‍යයන කටයුතු කල හැකි පදනමක් සකස් වීම මගින් එම විෂයෙහි ඇති කාලීන වටිනාකමද මැනවින් විශද කරනු ලබයි.
No comments:
Post a Comment